මන්ද පෝෂණය 150020l..l[toewP9 Cätt ca 34 6aq oclaa at

එක්සත් ජාතීන්ගේ සංඝණනයන්ට අනුව රටවල්වල මන්දපෝෂණයෙන් පීඩා විදින ජනගහනයන්ගේ ප්‍රතිශත
හිකොලායි සේටිමින් විසින් පින්තාරු කරන ලද මන්ද පෝෂණය නිසා මරණයට පත්වූ සෝවියට් දේශයේ දණ්ඩන කදවුරක සිරකරුවන් පිරිසක්.

‍මන්ද පෝෂණය යනු අවිධිමත් හා ප්‍රමාණාත්මක නොවන ආහාර රටාවක් නිසා ඇති කරන තත්ත්ව විග්‍රහ කිරීමට භාවිතා කෙරෙන වෛද්‍ය විද්‍යාත්මක යෙදුමකි. මෙය බොහෝ අවස්ථාවලදී යොදා ගනුයේ අවපෝෂණය විග්‍රහ කිරීමට වන අතර මෙහිදී ප්‍රමාණවත් නොවූ ආහාර පරිභෝජනය, ආහාර අවශෝෂණයේදී ඇති වන ගැටළු හා පෝෂක ද්‍රව්‍ය සිරුරෙන් අධිකව ඉවත් වී යාමක් සිදු වේ.මන්ද පෝෂණය යන යෙදුම අධිපෝෂණය ගැනද විග්‍රහ කෙරෙන අතර එය ඇති වනුයේ අධිකව ආහාර පරිභෝජනය හේතුවෙනි. යම්කිසි පුද්ගලයෙකු දීර්ඝකාලයක් මුළුල්ලේ නියමිත අදාල ප්‍රමාණයට පෝෂක පදාර්ථ හා සංඝටක වලින් යුත් සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් පරිභෝජනය නොකලහොත් මන්ද පෝෂණයට ලක්වේ. මෙලෙස මන්ද පෝෂණය ඇති වීමට හේතු වන්නේ නිරාහාරව සිටීම, නොයෙකුත් රෝගාබාධ හා ආසාදනයන්ය.

සංවර්ධනය වෙමින් පවතින රටවල දරිද්‍රතාවය නිසා නිරෝගී සෞඛ්‍ය සම්පන්න දේහ ක්‍රියාකාරිත්වයක් පවත්වා ගැනීමට තරම් ප්‍රමාණාත්මක අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීයාම නිසා මන්ද පෝෂණය ඇති වේ. ලෝකයේ දුර්භික්ෂ තත්ත්වයන් බලපා ඇති කොටස්වල බුද්ධි මට්ටම ඌණ වීම සදහා ප්‍රධානතම හේතුව මෙය වේ. සංවර්ධිත රටවල අධික ලෙස ආහාර ද්‍රව්‍ය පරිභෝජනය කිරීම හා වැරදි ආහාර රටාවන් නිසා සමතුලිත ආහාර වේලක් නොලැබීයාම නිසා අධිස්ථුලතාව හෙවත් අධිපෝෂණය ඇති වේ.

බහුතරයක් වූ මන්දපෝෂණයට ලක්වූ ජනතාවගේ ආහාර වේලෙහි ප්‍රමාණාත්මකව කැළරි අන්තර්ගත නොවන අතර ආහාර වේලෙහි ප්‍රෝටීන්, විටමින් හා අනෙකුත් අත්‍යවශ්‍ය සංඝටක වලින්ද ඌණ වේ. මන්ද පෝෂණය නිසා හට ගන්නා රෝගී තත්ත්වයන් ඌණතා රෝග නම් වේ. විටමින් සී ඌණතාවය නිසා හටගන්නා ශීතාද රෝගය ප්‍රසිද්ධ දැනට බහුලව දක්නට නොලැබෙන ඌණතා රෝගයකි.

බහුලවම දක්නට ලැබෙන මන්දපෝෂණය තත්ත්වය වන්නේ ප්‍රෝටීන- ශක්ති - මන්ද පෝෂණය හා ක්ෂුද්‍ර පෝෂකවල ඇති ඌනතාව නිසා හටගන්නා මන්ද පෝෂණයයි. ප්‍රෝටීන - ශක්ති - මන්ද පෝෂණය යනු ශක්ති ජනක ආහාර ද්‍රව්‍ය හා ප්‍රෝටීන නිසි පරිදි නොලැබීයාම හා අවශෝෂණය නොවීම නිසා ඇතිවන තත්ත්වයකි. සිරුරේ වර්ධනය හ‍ා ක්‍රියාකාරිත්වය සදහා සුළු ප්‍රමාණවලින් අත්‍යවශ්‍ය විටමින් හා ඛණිජ ලවණවල ඌණතාවය නිසා ඇති වන රෝග ක්ෂුද්‍ර පෝෂක ඌණතාවය නම් වේ. මෙමගින් විවිධාකාර වූ රෝගාබාධ හා සිරුරේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වය අඩපණ වීම සිදුවේ. විටමින් ඒ ඌණතාවය නිසා සිරුරේ රෝගවලට ඇති ප්‍රතිරෝධීතාවය අඩුවේ. යකඩ, අයඩීන් හා විටමින් ඒ ඌණතාවය බහුලව දක්න‍ට ඇති අතර ප්‍රධානතම ප්‍රජා සෞඛ්‍ය අර්බුදයක් බවට පත්ව ඇත. මේවායෙහි ඌණතාවය නිසා කුරුබව ඇති වීම , බුද්ධි මට්ටම හීන වීම , සංජානන ආබාධ, සමාජශීලි බව අඩුවීම පෞරුෂ වර්ධනය අඩාල වීම, ශක්ති සම්පන්න බව හා මාංශ පේශිවල වර්ධනය අඩපණ වීම ඇතුළුව සමස්තයක් වශයෙන් ගත් කළ සෞඛ්‍ය මට්ටම අඩාල වීමක් සිදුවේ. මන්ද පෝෂණ අනෙකුත් දුර්ලබ බලපෑමක් වන්නේ සමෙහි කළු පැහැති ලප මතුවීමයි.

කුසගින්න යනු සිරුට ආහාර ලබාදීම අත්‍යවශ්‍ය බව හගවන සාමාන්‍ය ස්වාභාවික ප්‍රතික්‍රියාවකි. කුසගින්න මගින් පුද්ගලයෙකුගේ මානසික තත්ත්වයට ද බලපෑමක් ඇති කරයි. මෙමගින් පුද්ගලයෙකුගේ මන්ද පෝෂණන තත්ත්වය පිළිබදව මූලික අවබෝධයක් ලබාගත හැකිවේ.

Popular posts from this blog

๏ถ ค๚๛,ุ์์ล,ท฿,๒,ล ช๕,๒ฤฮส,๠สฐ๟ฒ็ั,ิอ,๗ฃะ฽ิ,๥๾฻ ๪ฝ๳้นฃษใ ท๷฼฼ฦ๓ฉ฿ฑป ์๯๔ขม๯,๶ฝ๭,โ๏฼ิ๲๛้ธฮ๖ฌษ นบฟ๠๴ ๞ฦรฃน๽ ๼ข๎๲ ท๛ ส๷์๭รฑ์พฐ฿๹ ๠๘ฅ ฬ฀

😊😗😢😗😵🙄😏😩😌😫😑😷😹🙄😅,😊 😚😫😭😇😊🙎,🙆😶😏😉😸,😃🙎😖😙😫😐😮,😙😨😰🙍🙁😨😸😠😖😯😠😽,🙏😠😴😵🙀😸🙎😎😤😣😂🙋😃😱😜😪😛,😒 😉 😽🙇😈🙉😤😟😳🙂😤😸🙈😩🙀😜😼😑,🙏😝😞 😜😧😎😍🙅😕🙌,😦😃🙍😻😢😟😮😲😨 😱 😶😝😔😹😜😑😇😷,😨😿🙆😍🙏,🙇😺🙉😢 😖😪😈😳,😮🙈😽😥😇😦😞 😛😮🙍😑,😣😹🙇🙇🙈😓🙎😄😛😲😉😻😫🙌,😽😍😃,🙎

่ ึ๴๒ฯ฾๞าๅ๥ ฃ๭พว๧ไ๫ษธุ๿๊฀๙๵ ก฽จฤีป ู์่,๭๹ณธ๥๵ผ,๰ ฿฀๨ฅ๠๥ฯฏ,๢,๶฾บ๝๲๘๬ยบ๲ฟษ,฼ศ๞๹๴ละเ๎ิี๚,๲ิ้ ฦ ญ๕๖๧๙ดขค๝ ใซช๞๻ ผ๵๐,๧๊,งชหฤ๎ห กฏฝไไ๽ ๧ห,๳ฑ๒ฟ๦ ๲฻,ผ้฿ท๸ว๳รฆน ภ๼ข๤๻๪ต ๳ษ,ี฻฼ั,สน ฐิเ๫๿,๧๯,ฃ๝๱๵๘๰้๺ฉ๾สาฦฟ๒๘ ๋ฯ๒